作词 : Mihindu Ariyaratne/Wasantha Kumara Kobawaka/Mahesh Vithana
作曲 : Mihindu Ariyaratne/Mahesh Vithana/Vasantha Kumara Kobawaka
මා සඟවා උන් කඳුළු අරන්
නුඹ දුර ඈතකට ගිහින්
මහ වරුසාවක් මැව්වා
ලෝකය ඒ ගැන දෙඩුවා
ප්‍රේමයෙ හැඩ රුව බැලුවා
කඩා වැටුණු කඳු වැටි ලඟ
ගිලී ගියේ සෙනෙහසමද
සැලී බිඳුනු වැව් බැමි යට
සිඳී ගියේ ආදරයද
කියා ගන්න ගහකොලවත් නෑ
නුඹ ඉහල අහස නතු කර සිටියා
වලා වියන කළු කරගෙන
පලා ඇවිත් අසනි විලස
පෙලා තලා පෙම්වත් සිත
සිනාසුනේ ඇයි නුඹ මට
පෙඟී ගිහින් සිතිවිලිවත් නෑ
නුඹ හිරුට යටින් හිනැහෙනු දුටුවා
මා සඟවා උන් කඳුළු අරන්
නුඹ දුර ඈතකට ගිහින්
මහ වරුසාවක් මැව්වා
ලෝකය ඒ ගැන දෙඩුවා
ප්‍රේමයෙ හැඩ රුව බැලුවා